Posts

ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

Image
සිප් සතරින් දරුවන් පෝෂණය කරන ගුරුවරු දෙවිවරුන් වැනිය. තමන් දන්නා දේ ගුරු මුෂ්ටියක් නොතියා දරුවන්ට කියා දෙන්නේ ද ගුරුවරයාය. යහපත් ගුණධර්ම උගන්වමින් දරුවන් යහමඟට ගැනීමට දරන වෙහෙස දන්නේ ගුරුවරු ම පමණි. එම කාර්යයෙහි ලා වරදට දඩුවම් කිරීම, අවවාද කිරීමට ඔවුන් කිසි විටෙකවත් පසුබට වන්නේ නම් නැත. මන්ද යත් නැණවත් ගුණවත් රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය නිසාවෙනි. ඉතින් තමන්ගෙන් දඩුවම් ලැබූ ශිෂ්‍යයෙකුගේ ගුණ පිළිබඳව ගුරු සිතක ඇති වූ අදහස ප්‍රදීපිකා පතිරාජ මෙසේ කියයි.   නොබලා ඔබේ ඇස් දෙක  බිම බලාගෙන හැරී යමි  ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ අසමත් ම ගුරුවරිය ලෙස  තමන් කොතෙක් නැණ නුවනින් පොහොසත් දරුවෙක් රටට භාර දෙන්නට ක්‍රියා කළත් ඔහු නොවේ හැදුනේ. නමුත් ගුණ යහපත් කම් වලින් හිඟයක් නැති දරුවෙක් බිහි කිරීමට ගුරුවරයා සමත් වී තිබේ. කොහොම නමුත් ශිෂ්‍යයාගේ මෙම ක්‍රියාව ගුරුවරියගේ හද තුල යම් ශෝකයක්, කණගාටුවක් ඇති කරවීමට සමත් වී තිබේ. මන්දයත් ඔහුගේ ගුණ පිළිබඳව එකල අයට හඳුනා ගැනීමට නොහැකි වී ඇති නිසාය. එසේ හඳුනා ගත්තේ නම් ශිෂ්‍යයාව උගතෙකු කිරීමට ඇය පසු බසින්නේද නැත.  දී යතුර මා අතට ද

මිණි පහනක්......

Image
  ඇයි මේ අඬන්නේ, මොකක්ද වුනේ? මාව දාලා ගියා... මගෙ ආදරය අඩු වෙලාද, වෙන කෙනෙක් හමුවුණා ද, දන්නේ නෑ හේතුවක්. ඇඬුවම උත්තර ලැබුන ද? හිතට සනීපයි. හ්ම්.. දුකක් දැනුනම අඬන්න, එත් මොහොතකට.වැඩ ගොඩ ගැහිලා නේද? එයා වෙනුවෙන් දුකින් හිටියා කියලා මොනවද ලැබුණේ ඔයාට, වැඩ කන්දක් විතරමයි. එයා ඇවිත් කරලා දෙයි ද ඔය ටික ? නෑ, මේ වැඩ කන්ද කරන්න තියා මගෙ ජීවිතයටවත් එයා එන එකක් නෑ. එහෙනම් මොකක්ද මේ  කරන පිස්සුව.... අම්මා,තාත්තා මහන්සියෙන් හම්බ කරලා, කන්න බොන්න දීලා, උස් මහත්  කළේ එක එකාගෙන් කොන් වෙන්න ද, ගැරහුම් ලබන්න ද, යදින්න ද.. කොහෙත්ම නෑ. මට පව් පිරෙයි.එයාලගේ හීන බොඳ කළොත්. මාව එපා නිසානේ අත හැරියේ. ඇයි මන් තවත් වැළපෙන්නේ... මගෙ හිත සටනක................... ඇත්ත, මම වැඩ කරන්න ඕනේ.මන් වෙනුවෙන්, මගෙ දෙමව්පියෝ වෙනුවෙන්.  මගේ හීන හැබෑ කරගන්න, මන් මහන්සි වෙන්න ඕනේ. ඔව්, ඔයාට විතරමයි පුළුවන් ඔයා මිණි පහනක් ද, අවලංගු කාසියක් ද කියන එක ලෝකෙට පෙන්නන්න.ඉතින් දැන් ඉදන් වැඩ කරන්න මිණි පහනක් වෙන්න. ස්තූති.. හැමදාම මේ වගේ මගෙ ළඟින් ඉන්න. වැටුන වෙලාවට අත දෙන්න. ජීවිතය දිනන්න හදවත පමණක් නොවේ මොළයත් වැදගත්................

ඇය අම්මා නම් විය...

Image
  නිතරම සැර වැර කරමින් අප හට නිසි ඔවදන් දෙමින් යහමගට ගන්නට බඩ කට පුරවා රකිමින් මැණිකක් ලෙසට උස් මහත් කලේ ඔබයි අම්මේ...... වරදක් වූවේ නම් ඔබහට සමාව දෙනු මැන අපහට කිසිවෙකුටත් නොහැකිය ඔබ අඬවන්නට අප සිටිනා තුරු ඔබ හා එක්වම මතු සසරේ නැවතත් මගෙ අම්මා වී පතමි මා ළගින්ම වෙසෙන්නට

සොබාදහම් අසිරිය

Image
කුරුලු කූජන වලින් මුළු පරිසරයම ප්‍රබෝධමත් වෙද්දී හිරු රැස් දහරා මිහිකතට පතිත වන්නේ තවත් දවසක ආරම්භය සනිටුහන් කරමිනි. දකින දකින තැන හරිත වර්ණයෙන් ඇති නොයෙකුත් ගස් කොළන් ඇසට යම් සුවතාවයක් ලබා දෙයි. ඈතින් ඇති නිල් දිය ඇල්ල කනට මිහිරියාවක් එක් කරමින් පහළට ගලා බසියි. දෝතපුරා ගත් දියෙන් ගත දොවද්දී දැනෙන සනීපය මෙතෙකැයි කිව නොහැක. දිය දෝතින් ඇඟෙහි දුවන සිසිලසින් නව පණක් ලැබුවාක් වැනිය. පුංචි පුංචි මාළු එක රැළට කඩිමුඩියේ එහෙ මෙහෙ පීනති. ගල්පර අතරින් ගලායන ඇල්ල සෞම්‍යව ඉදිරියට ඇදෙයි. දස අතින් පිපී හමන මල් වල මෘදු සුවඳින් මුළු ගතම ආශ්වාදයෙන් පිනා යයි. එම මෘදු සුවඳින් මුළු ගතම වෙලා සිටියි. කුරුල්ලන්ගේ කිචි බිචියත්, සූර්ය රශ්මියෙන් ඇද හැලෙන හිරුකැන්, සිසිලසින් පිරි දියවරත්, මල් ගොමු වල මිහිරියාවත් මේ උදෑසනේ මගේ සිතට එක් කර ඇත්තේ මිල කළ නොහැකි හැඟුමකි. ගතට දැනෙන මෙම ආශ්වාදය විදින්න ස්වාභාව සෞන්දර්ය හැසිරෙන අයුරු අද්විතීයය. එම හැඟීම විදින්නට මා ද යම් හෙයකින් වාසනාවන්ත වූවෙමි.

පියාණෙනි...

Image
 ඔය සෙනෙහසට නෑ තවමත් හරි හැටි                                         කවි ගී ලියැවුණේ ආදරෙයි කියා නෑ කිසි විටෙකවත් ඔය                                             කටින් පිටවුනේ එනමුදු දනිමි මහමෙරක සෙනේ ඔය                                                     පපු ඇතුලේ  මැණිකක් රකින නාගයෙකු විලසිනි ඔබ                                                      අප රැක්කේ ඉල්ලු විගස ගෙන දෙයි හැම කොහෙ                                                  හෝ ලෝකෙන් දුකක් නොදී හැම සැප සතුටකින් අඩුවක්                                                          නොකළේ  මතු බුදු වෙන්න මගෙ පින් ටිකත් අරන්                                                         පියාණනේ....

හීන

Image
  නිදි මරලම ඇස් රතුව ඇත්තේ මුළු ඇඟම පුටුවට බර දී ඉන්නේ කොන්ද අතපය නෑ වගේ දැනෙන්නේ කුමන විගඩමක් ද මේ නටන්නේ හිතුවොතින් මේ කරන දෙය දිහා පැහැදිලිය එක් අරමුණක් සොදා දැකපු හීන වලට පණ දෙන්නට නොවෙද මෙලෙස වෙහෙස ගන්නේ ජීවිතය හරි පුදුම දෙයකි ඉපිද මැරෙන තුරු පුරාවට කරන කියන මේ සියල්ල  හීන පසුපස  හඹායන්නකි...

තනිකම

Image
  ඉර කෙමෙන් කෙමෙන් සයුරු ගැබ පහළටම බැස යනවා.මුළු අහසම රක්ත වර්ණයෙන් පිරී ඉතිරි ගොසිනි.ඈත මුහුදේ පොඩි පොඩි රුවල් තැනින් තැන පාවෙයි.කුරුල්ලන් උන්ගේ කැදලි කරා වේගයෙන් ඇදෙයි.එහා කොනෙන් තල්මස් රෑනක් මෙහා කොනට ඇදෙයි.මූදු සුවද මුසුව එන මදනල ඇඟේ ගෑවි ගෑවි හමා යන්නේ ගතට සිසිලක් එක් කරමිනි. අඳුරු පරිසරය යම්තාක් දුරකට හිතට චකිතයක් එක්කර නැතුවාම ද නොවේ.  තනිකම, පාළුව දැනෙන විට එම සිතිවිල්ලත් ඉබේම නැතිව යන්නේ කිසිත් නොවූවක් පරිද්දෙනි. ආසයි අතක් අල්ලන්, රැල්ල පාගලා, වෙරළේ ඇවිදලා, වඩයක් කාලා, උරහිසට ඔළුව තියන් ඈත බලන් ඉන්න. ඒත් මුළු අහසම පාලුවට ගිහින් වගේ මේ හිතත් පාලුවටම ඇදී යන්නේ කිසිදු අවසරයකින් තොරවයි.   ඉර හැංගි ගොස් ඇත.ගස් වල කොළ 'සර සර' හඩින් ඒ මේ අත පැද්දෙයි.සඳ රැස් වැටෙන්නට ඇත්තෙ තව ටික මොහොතකි. අඳුරු ගුප්ත වළාවන්ගෙන් පරිසරයම වැසී ගොස්ය. ඉතින් අවසර නෑ මට තවත් තනියම මෙතන රැදෙන්නට. මම නොවේ මගෙ හිත කියයි.