තනිකම
ඉර කෙමෙන් කෙමෙන් සයුරු ගැබ පහළටම බැස යනවා.මුළු අහසම රක්ත වර්ණයෙන් පිරී ඉතිරි ගොසිනි.ඈත මුහුදේ පොඩි පොඩි රුවල් තැනින් තැන පාවෙයි.කුරුල්ලන් උන්ගේ කැදලි කරා වේගයෙන් ඇදෙයි.එහා කොනෙන් තල්මස් රෑනක් මෙහා කොනට ඇදෙයි.මූදු සුවද මුසුව එන මදනල ඇඟේ ගෑවි ගෑවි හමා යන්නේ ගතට සිසිලක් එක් කරමිනි. අඳුරු පරිසරය යම්තාක් දුරකට හිතට චකිතයක් එක්කර නැතුවාම ද නොවේ.
තනිකම, පාළුව දැනෙන විට එම සිතිවිල්ලත් ඉබේම නැතිව යන්නේ කිසිත් නොවූවක් පරිද්දෙනි. ආසයි අතක් අල්ලන්, රැල්ල පාගලා, වෙරළේ ඇවිදලා, වඩයක් කාලා, උරහිසට ඔළුව තියන් ඈත බලන් ඉන්න. ඒත් මුළු අහසම පාලුවට ගිහින් වගේ මේ හිතත් පාලුවටම ඇදී යන්නේ කිසිදු අවසරයකින් තොරවයි.
ඉර හැංගි ගොස් ඇත.ගස් වල කොළ 'සර සර' හඩින් ඒ මේ අත පැද්දෙයි.සඳ රැස් වැටෙන්නට ඇත්තෙ තව ටික මොහොතකි. අඳුරු ගුප්ත වළාවන්ගෙන් පරිසරයම වැසී ගොස්ය. ඉතින් අවසර නෑ මට තවත් තනියම මෙතන රැදෙන්නට. මම නොවේ මගෙ හිත කියයි.
❤️
ReplyDelete😍😍ලස්සනයි 😍😍
ReplyDeleteBeautiful 😍😘
ReplyDeleteලස්සනයි ❤️
ReplyDelete💛
ReplyDelete❤❤
ReplyDelete❤
ReplyDelete❤️🔥
ReplyDelete❤❤
ReplyDelete😍😍
ReplyDelete😍✍️
ReplyDelete❤️
ReplyDelete