පියාණෙනි...
ඔය සෙනෙහසට නෑ තවමත් හරි හැටි
කවි ගී ලියැවුණේ
ආදරෙයි කියා නෑ කිසි විටෙකවත් ඔය
කටින් පිටවුනේ
එනමුදු දනිමි මහමෙරක සෙනේ ඔය
පපු ඇතුලේ
මැණිකක් රකින නාගයෙකු විලසිනි ඔබ
අප රැක්කේ
ඉල්ලු විගස ගෙන දෙයි හැම කොහෙ
හෝ ලෝකෙන්
දුකක් නොදී හැම සැප සතුටකින් අඩුවක්
නොකළේ
මතු බුදු වෙන්න මගෙ පින් ටිකත් අරන්
පියාණනේ....
ලස්සනයි...
ReplyDelete❤
Delete