සොබාදහම් අසිරිය

කුරුලු කූජන වලින් මුළු පරිසරයම ප්‍රබෝධමත් වෙද්දී හිරු රැස් දහරා මිහිකතට පතිත වන්නේ තවත් දවසක ආරම්භය සනිටුහන් කරමිනි. දකින දකින තැන හරිත වර්ණයෙන් ඇති නොයෙකුත් ගස් කොළන් ඇසට යම් සුවතාවයක් ලබා දෙයි. ඈතින් ඇති නිල් දිය ඇල්ල කනට මිහිරියාවක් එක් කරමින් පහළට ගලා බසියි. දෝතපුරා ගත් දියෙන් ගත දොවද්දී දැනෙන සනීපය මෙතෙකැයි කිව නොහැක. දිය දෝතින් ඇඟෙහි දුවන සිසිලසින් නව පණක් ලැබුවාක් වැනිය.

පුංචි පුංචි මාළු එක රැළට කඩිමුඩියේ එහෙ මෙහෙ පීනති. ගල්පර අතරින් ගලායන ඇල්ල සෞම්‍යව ඉදිරියට ඇදෙයි. දස අතින් පිපී හමන මල් වල මෘදු සුවඳින් මුළු ගතම ආශ්වාදයෙන් පිනා යයි. එම මෘදු සුවඳින් මුළු ගතම වෙලා සිටියි. කුරුල්ලන්ගේ කිචි බිචියත්, සූර්ය රශ්මියෙන් ඇද හැලෙන හිරුකැන්, සිසිලසින් පිරි දියවරත්, මල් ගොමු වල මිහිරියාවත් මේ උදෑසනේ මගේ සිතට එක් කර ඇත්තේ මිල කළ නොහැකි හැඟුමකි. ගතට දැනෙන මෙම ආශ්වාදය විදින්න ස්වාභාව සෞන්දර්ය හැසිරෙන අයුරු අද්විතීයය. එම හැඟීම විදින්නට මා ද යම් හෙයකින් වාසනාවන්ත වූවෙමි.



Comments

Post a Comment

Popular posts from this blog

ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

මන්දාරම

යෙහෙළියක වී..