හීන

 නිදි මරලම ඇස් රතුව ඇත්තේ

මුළු ඇඟම පුටුවට බර දී ඉන්නේ

කොන්ද අතපය නෑ වගේ දැනෙන්නේ

කුමන විගඩමක් ද මේ නටන්නේ

හිතුවොතින් මේ කරන දෙය දිහා

පැහැදිලිය එක් අරමුණක් සොදා

දැකපු හීන වලට පණ දෙන්නට

නොවෙද මෙලෙස වෙහෙස ගන්නේ



ජීවිතය හරි පුදුම දෙයකි

ඉපිද මැරෙන තුරු පුරාවට

කරන කියන මේ සියල්ල 

හීන පසුපස  හඹායන්නකි...

Comments

Post a Comment