ඇය අම්මා නම් විය...

 නිතරම සැර වැර කරමින් අප හට

නිසි ඔවදන් දෙමින් යහමගට ගන්නට

බඩ කට පුරවා රකිමින් මැණිකක් ලෙසට

උස් මහත් කලේ ඔබයි අම්මේ......

වරදක් වූවේ නම් ඔබහට

සමාව දෙනු මැන අපහට

කිසිවෙකුටත් නොහැකිය ඔබ අඬවන්නට

අප සිටිනා තුරු ඔබ හා එක්වම

මතු සසරේ නැවතත් මගෙ අම්මා වී

පතමි මා ළගින්ම වෙසෙන්නට










Comments

Post a Comment

Popular posts from this blog

ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

මන්දාරම

යෙහෙළියක වී..