මිණි පහනක්......

 ඇයි මේ අඬන්නේ, මොකක්ද වුනේ?

මාව දාලා ගියා... මගෙ ආදරය අඩු වෙලාද, වෙන කෙනෙක් හමුවුණා ද, දන්නේ නෑ හේතුවක්.

ඇඬුවම උත්තර ලැබුන ද?

හිතට සනීපයි.

හ්ම්.. දුකක් දැනුනම අඬන්න, එත් මොහොතකට.වැඩ ගොඩ ගැහිලා නේද? එයා වෙනුවෙන් දුකින් හිටියා කියලා මොනවද ලැබුණේ ඔයාට, වැඩ කන්දක් විතරමයි. එයා ඇවිත් කරලා දෙයි ද ඔය ටික ?

නෑ, මේ වැඩ කන්ද කරන්න තියා මගෙ ජීවිතයටවත් එයා එන එකක් නෑ.

එහෙනම් මොකක්ද මේ  කරන පිස්සුව.... අම්මා,තාත්තා මහන්සියෙන් හම්බ කරලා, කන්න බොන්න දීලා, උස් මහත්  කළේ එක එකාගෙන් කොන් වෙන්න ද, ගැරහුම් ලබන්න ද, යදින්න ද..

කොහෙත්ම නෑ. මට පව් පිරෙයි.එයාලගේ හීන බොඳ කළොත්. මාව එපා නිසානේ අත හැරියේ. ඇයි මන් තවත් වැළපෙන්නේ...

මගෙ හිත සටනක...................

ඇත්ත, මම වැඩ කරන්න ඕනේ.මන් වෙනුවෙන්, මගෙ දෙමව්පියෝ වෙනුවෙන්.  මගේ හීන හැබෑ කරගන්න, මන් මහන්සි වෙන්න ඕනේ.

ඔව්, ඔයාට විතරමයි පුළුවන් ඔයා මිණි පහනක් ද, අවලංගු කාසියක් ද කියන එක ලෝකෙට පෙන්නන්න.ඉතින් දැන් ඉදන් වැඩ කරන්න මිණි පහනක් වෙන්න.

ස්තූති.. හැමදාම මේ වගේ මගෙ ළඟින් ඉන්න. වැටුන වෙලාවට අත දෙන්න.

ජීවිතය දිනන්න හදවත පමණක් නොවේ මොළයත් වැදගත්......................





Comments

Post a Comment

Popular posts from this blog

ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

මන්දාරම

යෙහෙළියක වී..