Posts

ඉතින් අවසර නික්ම යන්නට...

Image
  ඉතින් අවසර නික්ම යන්නට සෙනෙහසින් බැඳි නවාතැනෙන් වරදකට නොව ඉගෙන ගන්නටය මෙලෙස  ඔබව හැර දමා යන්නේ ජීවිතය ඉදිරියට දිනන්නට සරසවිය මේ අඬ ගහන්නේ  ඉතින් කෝමැයි සිතට වහල් වී මේ ගමන නොගිහි න් ඉන්නේ

රහසින් පෙම් බැඳ

Image
  හිතුවෙවත් නැති විදිහට බැඳුණා මේ සිත නුඹටම රහසින් පෙම් කලේ ඔය හිතට  නුඹටත් නොදැනීම‍‍ ය අවුරුදු ගණනකි දැක නුඹ අවසානෙට  එනමුදු මේ  හිත අයිතිය නුඹටමය නොලැබෙන බව දැන දැනත්  ඔය හිතට ආලකම් පෑවේ මමම ය මේ හිතෙන් නැගි ආලය මේ හිතෙන්ම මිය යයි නම් සත්තයි සුව වේවි මා හද තුවාලය...

මාත් ආසයි...

Image
  රට වටේ රවුම් ගහන්න සීතලක ප්ලේන්ටියක් එක්ක රොටියක් කන්නට ගෙදරින් දුර ඈතක නැවතිලා ඉන්න ගඟක,දොළක,වැවක හරි හරියට පීනන්නට  කදු නගින්න,ගස් බඩගාන්න ජීවිතේ මිහිරියාව එක්ක ජීවත් වන්නට මාත් ආසයි.... ඒත් කොයින්දෝ එයට ඉඩක්  මා ගෑණු ළමයෙක් වන නිසා..........

ජීවත් වන්න...

Image
  ජීවිතය හරියට කඳු මුදුන්, ගල්පර අතරින්  හෙමිහිට ගලා බසින ගඟක් වගේ. ඉස්සරහට යන්න යන්න එක එක විදිහේ මිනිසුන්, බාධා කම්කටොලු, මුණගැහෙන මාවතක් බඳුය. ඉපදුනදා පටන් මැරෙන තුරාම අප කරන සෑම දෙයක්ම ජීවත් වීමේ අරගලය උදෙසා  වන සටනක්ය. අපි හැමෝම වගේ ඉපදෙන්නේ කිසිදු වටිනාකමක් නැතිවයි. නමුත් මැරෙන  විටත් ඒ ආකාරයෙන්ම මිය ගියොත්  ඔහු හෝ ඇය මේ ලැබුණු ජීවිතය  අත්විඳ ඇති බවක් හිතාගැනීමට නොහැකිය.  ජීවිතය කියන්නේ විඳීමක් මිස  විදවන්න ඕනේ දෙයක් නෙමෙයි.තමන්ගේ  ජීවිතයට වටිනාකමක් දෙන්න පුළුවන් තමන්ට විතරමයි. අපි හැමෝම වගේ  ආසයි කුරුල්ලෙක් වගේ පියාඹන්න.එය ඉෂ්ට  කරගන්න පුලුවන් තමන්ට විතරමයි.එතනට එන්න වැඩ කරන නොකරන එක තමන්ට භාරයි. ලැබුණු ජීවිතය නිදහස්ව  විඳින්න, තමන්ට වටිනාකමක් එක් කරන්න, ලෝකෙම දන්න කෙනෙක් වෙන්න, මිනිසුන් හම්බ කරන්න මේ හැමදේම මට නොවේ ඔබටයි පුළුවන්.  ඉබ්බෙක් වගේ කට්ට ඇතුලට වෙලා ඉන්නවද, කුරුල්ලෙක් වගේ පියාඹනවා ද නැද්ද තීරණය කළ යුත්තේ ඔබයි. එතන දී ජීවිතය විඳිනවාද විදවනවාද යන ප්‍රශ්නයට නිතරඟයෙන්ම පිළිතුරු ලැබේ.දිය පාරක් නොව ගඟක් වනවාද නැ...

යෙහෙළියක වී..

Image
  දුක සැපේ ළඟ ඉදිමින්  ගුරුහරුකම් දුන්නේ ඔබයි බැඳි සෙනේ ඔබ කෙරෙහි නැත අඩු වුණේ  කිසිදා  එක කුස නූපන් වුනත් යෙහෙළියක වූයේ ඔබයි ඉතින් පතනෙමි මතුභවේදී මගෙම හෙවණැල්ල වී ඉපදෙන්නට....

විරහව

Image
  ඉතින් අවසරයි නික්ම යන්නට ඔබගෙන් දුර ඈතකට කෙසේ එසේ යන්නද කියා නොවැටහේ මේ හදමඩළට අයිතියක් නැති තැන කෙසේ රැදෙන්නද  හිත කියයි එ හැම වෙලේම ආසයි අත අල්ලන් දුර ඇවිද යන්නට ඒත් කොයිදැයි ඉඩක් මේ මාහට ප්‍රේමය නොලැබි මේ හිතට  තරහක් නෑ ඔබ ගැන කිසිවිටක.....

නොදැනෙන ආදරය

Image
  ගී ගයයි හැමවිට ඔබ ගැන මතකය රිදුම් දෙයි හිත යට ජීවත් වෙයි බලාපොරොත්තුවක් දරා ලැබෙන තුරු ඔබ මට... මතකය අවදි වෙයි දිනෙන් දින කල කී දෑ ඔබ සමඟ කුමක් කරන්නදෝ කියා  නොතේරෙයි මා හට... කාලය ගත වෙයි ටිකෙන් ටික  මේ හිතට වෙනත් කෙනෙකු පැමිණේදෝ කියා භයයි මට.....