යෙහෙළියක වී.. Get link Facebook X Pinterest Email Other Apps - January 08, 2022 දුක සැපේ ළඟ ඉදිමින් ගුරුහරුකම් දුන්නේ ඔබයිබැඳි සෙනේ ඔබ කෙරෙහිනැත අඩු වුණේ කිසිදා එක කුස නූපන් වුනත්යෙහෙළියක වූයේ ඔබයිඉතින් පතනෙමි මතුභවේදීමගෙම හෙවණැල්ල වී ඉපදෙන්නට.... Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownJanuary 10, 2022 at 6:54 PM💗ReplyDeleteRepliesReplyUnknownJanuary 10, 2022 at 7:14 PMLassanai❤ReplyDeleteRepliesReplyUnknownJanuary 12, 2022 at 8:41 AMThats great ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මන්දාරම - November 03, 2021 පියාණන් එනතුරු මග රකින දරුවන්, පඩිය තර කරන්න කුළිය දිය කරන කතුන්, කුසගිනි නිවන්න තනිව දමාගොස් ඇති කිරිසප්පයන්, පැටවු බලන්න කැදැලි වලට දුවන කුරුල්ලන්, මන්දාරමින් අනෝරා වැසි වහින්නට, කෙසේ අවසර දෙන්නද දෙවියනි..... Read more
ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ - January 24, 2022 සිප් සතරින් දරුවන් පෝෂණය කරන ගුරුවරු දෙවිවරුන් වැනිය. තමන් දන්නා දේ ගුරු මුෂ්ටියක් නොතියා දරුවන්ට කියා දෙන්නේ ද ගුරුවරයාය. යහපත් ගුණධර්ම උගන්වමින් දරුවන් යහමඟට ගැනීමට දරන වෙහෙස දන්නේ ගුරුවරු ම පමණි. එම කාර්යයෙහි ලා වරදට දඩුවම් කිරීම, අවවාද කිරීමට ඔවුන් කිසි විටෙකවත් පසුබට වන්නේ නම් නැත. මන්ද යත් නැණවත් ගුණවත් රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය නිසාවෙනි. ඉතින් තමන්ගෙන් දඩුවම් ලැබූ ශිෂ්‍යයෙකුගේ ගුණ පිළිබඳව ගුරු සිතක ඇති වූ අදහස ප්‍රදීපිකා පතිරාජ මෙසේ කියයි. නොබලා ඔබේ ඇස් දෙක බිම බලාගෙන හැරී යමි ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ අසමත් ම ගුරුවරිය ලෙස තමන් කොතෙක් නැණ නුවනින් පොහොසත් දරුවෙක් රටට භාර දෙන්නට ක්‍රියා කළත් ඔහු නොවේ හැදුනේ. නමුත් ගුණ යහපත් කම් වලින් හිඟයක් නැති දරුවෙක් බිහි කිරීමට ගුරුවරයා සමත් වී තිබේ. කොහොම නමුත් ශිෂ්‍යයාගේ මෙම ක්‍රියාව ගුරුවරියගේ හද තුල යම් ශෝකයක්, කණගාටුවක් ඇති කරවීමට සමත් වී තිබේ. මන්දයත් ඔහුගේ ගුණ පිළිබඳව එකල අයට හඳුනා ගැනීමට නොහැකි වී ඇති නිසාය. එසේ හඳුනා ගත්තේ නම් ශිෂ්‍යයාව උගතෙකු කිරීමට ඇය පසු බසින්නේ... Read more
තනිකම - January 11, 2022 ඉර කෙමෙන් කෙමෙන් සයුරු ගැබ පහළටම බැස යනවා.මුළු අහසම රක්ත වර්ණයෙන් පිරී ඉතිරි ගොසිනි.ඈත මුහුදේ පොඩි පොඩි රුවල් තැනින් තැන පාවෙයි.කුරුල්ලන් උන්ගේ කැදලි කරා වේගයෙන් ඇදෙයි.එහා කොනෙන් තල්මස් රෑනක් මෙහා කොනට ඇදෙයි.මූදු සුවද මුසුව එන මදනල ඇඟේ ගෑවි ගෑවි හමා යන්නේ ගතට සිසිලක් එක් කරමිනි. අඳුරු පරිසරය යම්තාක් දුරකට හිතට චකිතයක් එක්කර නැතුවාම ද නොවේ. තනිකම, පාළුව දැනෙන විට එම සිතිවිල්ලත් ඉබේම නැතිව යන්නේ කිසිත් නොවූවක් පරිද්දෙනි. ආසයි අතක් අල්ලන්, රැල්ල පාගලා, වෙරළේ ඇවිදලා, වඩයක් කාලා, උරහිසට ඔළුව තියන් ඈත බලන් ඉන්න. ඒත් මුළු අහසම පාලුවට ගිහින් වගේ මේ හිතත් පාලුවටම ඇදී යන්නේ කිසිදු අවසරයකින් තොරවයි. ඉර හැංගි ගොස් ඇත.ගස් වල කොළ 'සර සර' හඩින් ඒ මේ අත පැද්දෙයි.සඳ රැස් වැටෙන්නට ඇත්තෙ තව ටික මොහොතකි. අඳුරු ගුප්ත වළාවන්ගෙන් පරිසරයම වැසී ගොස්ය. ඉතින් අවසර නෑ මට තවත් තනියම මෙතන රැදෙන්නට. මම නොවේ මගෙ හිත කියයි. Read more
💗
ReplyDeleteLassanai❤
ReplyDeleteThats great
ReplyDelete