යෙහෙළියක වී..

 



දුක සැපේ ළඟ ඉදිමින් 

ගුරුහරුකම් දුන්නේ ඔබයි

බැඳි සෙනේ ඔබ කෙරෙහි

නැත අඩු වුණේ  කිසිදා 

එක කුස නූපන් වුනත්

යෙහෙළියක වූයේ ඔබයි

ඉතින් පතනෙමි මතුභවේදී

මගෙම හෙවණැල්ල වී ඉපදෙන්නට....








Comments

Post a Comment