ජීවත් වන්න...

 ජීවිතය හරියට කඳු මුදුන්, ගල්පර අතරින්  හෙමිහිට ගලා බසින ගඟක් වගේ. ඉස්සරහට යන්න යන්න එක එක විදිහේ මිනිසුන්, බාධා කම්කටොලු, මුණගැහෙන මාවතක් බඳුය. ඉපදුනදා පටන් මැරෙන තුරාම අප කරන සෑම දෙයක්ම ජීවත් වීමේ අරගලය උදෙසා  වන සටනක්ය. අපි හැමෝම වගේ ඉපදෙන්නේ කිසිදු වටිනාකමක් නැතිවයි. නමුත් මැරෙන  විටත් ඒ ආකාරයෙන්ම මිය ගියොත්  ඔහු හෝ ඇය මේ ලැබුණු ජීවිතය  අත්විඳ ඇති බවක් හිතාගැනීමට නොහැකිය. 


ජීවිතය කියන්නේ විඳීමක් මිස  විදවන්න ඕනේ දෙයක් නෙමෙයි.තමන්ගේ  ජීවිතයට වටිනාකමක් දෙන්න පුළුවන් තමන්ට විතරමයි. අපි හැමෝම වගේ  ආසයි කුරුල්ලෙක් වගේ පියාඹන්න.එය ඉෂ්ට  කරගන්න පුලුවන් තමන්ට විතරමයි.එතනට එන්න වැඩ කරන නොකරන එක තමන්ට භාරයි. ලැබුණු ජීවිතය නිදහස්ව  විඳින්න, තමන්ට වටිනාකමක් එක් කරන්න, ලෝකෙම දන්න කෙනෙක් වෙන්න, මිනිසුන් හම්බ කරන්න මේ හැමදේම මට නොවේ ඔබටයි පුළුවන්.  ඉබ්බෙක් වගේ කට්ට ඇතුලට වෙලා ඉන්නවද, කුරුල්ලෙක් වගේ පියාඹනවා ද නැද්ද තීරණය කළ යුත්තේ ඔබයි. එතන දී ජීවිතය විඳිනවාද විදවනවාද යන ප්‍රශ්නයට නිතරඟයෙන්ම පිළිතුරු ලැබේ.දිය පාරක් නොව ගඟක් වනවාද නැද්ද යන්න ඔබට භාරයි....

Comments

Post a Comment

Popular posts from this blog

තනිකම

මන්දාරම

මාත් ආසයි...