ඉතින් අවසර නික්ම යන්නට... Get link Facebook X Pinterest Email Other Apps - January 11, 2022 ඉතින් අවසර නික්ම යන්නටසෙනෙහසින් බැඳි නවාතැනෙන්වරදකට නොව ඉගෙන ගන්නටයමෙලෙස ඔබව හැර දමා යන්නේජීවිතය ඉදිරියට දිනන්නටසරසවිය මේ අඬ ගහන්නේ ඉතින් කෝමැයිසිතට වහල් වී මේ ගමන නොගිහින් ඉන්නේ Get link Facebook X Pinterest Email Other Apps Comments සියපතක ලියු කවි මතක....January 28, 2022 at 8:47 AM💖ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
තනිකම - January 11, 2022 ඉර කෙමෙන් කෙමෙන් සයුරු ගැබ පහළටම බැස යනවා.මුළු අහසම රක්ත වර්ණයෙන් පිරී ඉතිරි ගොසිනි.ඈත මුහුදේ පොඩි පොඩි රුවල් තැනින් තැන පාවෙයි.කුරුල්ලන් උන්ගේ කැදලි කරා වේගයෙන් ඇදෙයි.එහා කොනෙන් තල්මස් රෑනක් මෙහා කොනට ඇදෙයි.මූදු සුවද මුසුව එන මදනල ඇඟේ ගෑවි ගෑවි හමා යන්නේ ගතට සිසිලක් එක් කරමිනි. අඳුරු පරිසරය යම්තාක් දුරකට හිතට චකිතයක් එක්කර නැතුවාම ද නොවේ. තනිකම, පාළුව දැනෙන විට එම සිතිවිල්ලත් ඉබේම නැතිව යන්නේ කිසිත් නොවූවක් පරිද්දෙනි. ආසයි අතක් අල්ලන්, රැල්ල පාගලා, වෙරළේ ඇවිදලා, වඩයක් කාලා, උරහිසට ඔළුව තියන් ඈත බලන් ඉන්න. ඒත් මුළු අහසම පාලුවට ගිහින් වගේ මේ හිතත් පාලුවටම ඇදී යන්නේ කිසිදු අවසරයකින් තොරවයි. ඉර හැංගි ගොස් ඇත.ගස් වල කොළ 'සර සර' හඩින් ඒ මේ අත පැද්දෙයි.සඳ රැස් වැටෙන්නට ඇත්තෙ තව ටික මොහොතකි. අඳුරු ගුප්ත වළාවන්ගෙන් පරිසරයම වැසී ගොස්ය. ඉතින් අවසර නෑ මට තවත් තනියම මෙතන රැදෙන්නට. මම නොවේ මගෙ හිත කියයි. Read more
මන්දාරම - November 03, 2021 පියාණන් එනතුරු මග රකින දරුවන්, පඩිය තර කරන්න කුළිය දිය කරන කතුන්, කුසගිනි නිවන්න තනිව දමාගොස් ඇති කිරිසප්පයන්, පැටවු බලන්න කැදැලි වලට දුවන කුරුල්ලන්, මන්දාරමින් අනෝරා වැසි වහින්නට, කෙසේ අවසර දෙන්නද දෙවියනි..... Read more
මාත් ආසයි... - January 10, 2022 රට වටේ රවුම් ගහන්න සීතලක ප්ලේන්ටියක් එක්ක රොටියක් කන්නට ගෙදරින් දුර ඈතක නැවතිලා ඉන්න ගඟක,දොළක,වැවක හරි හරියට පීනන්නට කදු නගින්න,ගස් බඩගාන්න ජීවිතේ මිහිරියාව එක්ක ජීවත් වන්නට මාත් ආසයි.... ඒත් කොයින්දෝ එයට ඉඩක් මා ගෑණු ළමයෙක් වන නිසා.......... Read more
💖
ReplyDelete